සමුපකාර ජන සමාජයක් ගොඩ නැංවීමට උර දෙමු.

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Wednesday, May 4, 2016

සමුපකාර මැයි දින රැස්වීම





සමුපකාර මැයි දින රැස්වීම


සම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් පාටක් නැති එහෙත් සමුපකාර ධජය යටතේ එ්කරාශිවු සමුපකාරිකයන් පිරිසක් පළමු වරට රැස්වී කෑගල්ලේදී පැවැත්වූ සමුපකාර පාගමන,

මෙම පාගමන  හා රැස්වීම පැවැත්වීමට උර දුන් කිහිපදෙනා අතර සමස්ත ලංකා සමුපකාර ස්වාධින සේවක වෘතිය සමිතිය මුල් තැනක් ගත්තා. 















  සාංඝික දේපල ක්‍රමය මුලින්ම ලොවට දායක කලේ බුදුන් වහන්සේය. එබැවින් පොදු දේපල සාමුහිකව බෙදාගන්නා සමුපකාර සංකල්පය සමග සංඝ සමාජයද ලෙහෙසියෙන් එකතු වන්නේ සමාන අදහස් ඇත්තවුන්ට  පොදු අරමුණ වෙනුවෙන් එකතු වීමට බාධාවක් නැති නිසාය.  මේ  බුද්ධ පුත්‍රයාණන් වහන්සේ සමුපකාරිකයන් සමග ඔවුන්ගේ පාගමනට එක්  වුනා පමණක් නොව රැස්වීම අවසානය තෙක් රැඳී සිටීමටද කාරුනිකවූ සේක.  












සමුපකාරික ගොවියෝද මැයිදින රැස්වීම පැවැත්වීමට දායකවූ තවත් පිරිසකි. මේ සමශක්ති සමුපකාර ගොවි සමාගමේ ධජය අතැතිව සිටින්නේ එම සමුපකාර සමිතියේ ලේකම් අනුර සුරවීර මහතාය. වස විසෙන් තොර වී  වගාවක් රට තුල ප්‍රචලිත කිරීමේ මහඟු කටයුත්තට ඒ මහතා මූලිකත්වය  දෙමින් සිටියි.









සමුපකාර ධජය යටතේ ගමන් ගන්නා තවත් පුරෝගාමීන් පිරිසක් මෙතැන් ඉන්නේ දේශප්‍රේමී  ජනතා පෙරමුණේ මධ්‍යම කාරක සභික කරුණා ජයසිංහ මහතා ඇතළු පිරිසයි.





පා ගමනේ කාන්තා සහභාගිත්වයද  තිබුනා. 












අනාගත ශ්‍රී ලංකාවේ සමුපකාර ජන සමාජයක් ඇති කිරීමේ අදහස ඉදිරිපත් කරන සමුපකාර පුරෝගාමීන් 




බන්දුල නානායක්කාර  මහතා සහ සුරේන් බුලත්සිංහල මහතා සමුපකාර ජනසමාජයක්  සංකල්පය බිහි කිරීමේ පුරෝගාමින්වේ. ඔවුන් දෙදෙනා මැයිදින සමුපකාර පා ගමනේ යෙදෙමින් 

































සමුපකාරිකයන්ගේ අධිෂ්ඨානය පල කිරීම කරන්නේ   විමල් විජේසේකර ,සුරේන්ද්‍ර බුලත්සිංහල,සිරිසේන රාජපක්ෂ සහ අනුර කුමාර තෙන්නකෝන්ය.  







මැයි දින සමරු රැස්වීම ආරම්භ කරමින් 






සිරිසේන රාජපක්ෂ මහතා  අනුර කුමාර තෙන්නකෝන් මහතා සහ විමල් විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  පොල්තෙල් පහන දැල්වීම 






























අරුණ සුරවීර මහතාද පොල්තෙල් පහන දැල්වීමට එක්වේ. 







කරුණා ජයසිංහ මහතා පොල්තෙල් පහන දැල්වීමට එක් වෙමින් 











සමුපකාර කාන්තා නියෝජනය කරමින් විශ්‍රාමික සමුපකාර උප කොමසාරිස් කමලා මහත්මිය  පොල්තෙල් පහන දැල්වීමට එක් වෙමින්  

































පොල්තෙල් පහන දැල්වීමෙන් පසු රැස්වීමේ දෙවන පියවරවූ  පන්සිල් දීම සිදු කරන්නේ   හාමුදුරැවන් විසින්ය. 









සමුපකාරය හා සම්බන්ධ පැරණි ගීතයක් ගයමින් රැස්වීමේ විවිධත්වයක් ඇති කිරීම 







ගරුතර භික්ෂුන් වහන්සේ පසෙකින් හිඳ ගෙන සිටින්නේ මෙම රැස්වීමේ ආරාධිත දේශකයා වන ශ්‍රීපාලි මණ්ඩපයේ සන්නිවේදන අධ්‍යනාංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාය.






සමුපකාර ඉඩම් බැංකුවේ අධ්‍යක්ෂක සාලිය වික්‍රමරත්න මහතා රැස්වීම අමතමින් 






රැස්වීමේදී පළවූ අදහස් ගැන වෙනමම පිටුවකින් කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.

සමරසේකර 

2 comments:

  1. Replies
    1. ගුණසිංහ මහතාණෙනි,

      ඔබේ දිරිගැන්වීම සැම විටම මා දිරිමත් කරනවා.

      Delete