සමුපකාර ජන සමාජයක් ගොඩ නැංවීමට උර දෙමු.

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Sunday, June 26, 2016

අපේ සුවදැල් වී ගොවි තැන





වැඩි අස්වැන්නක් ලැබීමේ ආශාව නිසා  අපි අපේ කැමැත්තෙන්ම   සල්ලි ගෙවල, රසායනික  පොහොර සහ කෘමි නාශක මිලදී අරගෙන, ඒවා වී වගාවට යොදා අවසානයේදී ලබාගන්නා වී අස්වැන්නෙන් බත  සරි කරගත්තත් වී වගාවට යෙදු   රසායනික  පොහොර සහ කෘමි නාශක තුලින්    ඇඟට ඇතුල්වී ඇති   විශ නිසා පෙලෙන  විවිධාකාර රෝග ගැන දැනටමත් අපි දනිමු. සබරගමුව පළාතේ තවමත් වකුගඩු රෝගය පැතිරී ඇති බවක් දක්නට නැති උනත්,ගොවින් අතර පිළිකා වැළඳුනු  රෝගීන් බහුල ලෙස සිටිති.
මෙයට උත්තරයක් විධියට රසායනික පොහොර නොයොදා  පාරම්පරික වී වගාවට මුල පිරීමක් විධියට සුවදැල් වැපිරීමට අපි කටයුතු කළෙමු. පහත තිබෙන්නේ එසේ සුවදැල් වැපිරීමට සකස්  කල කුඹුරයි. කුඹුර පුරා කොල රොඩු දමා තිබෙනවා.       









වැපිරීමෙන්  දින 10 කට පසු  කුඹුරේ පෙනුමයි මේ .













ඉස්සර  නම් මේ  කාලයේදී වල් පැල  මර්දනය කියල රසායනික බෙහෙත් ඉස්සත් මෙවර එසේ කලේ නැහැ.  







කුඹුර අස්වද්දන  ගොවියා වන සිරිසේන මහතා අතින් වල්පැල ගැලවීමට තීරණය කළා.




































































මේ  කුඹුර නිරීක්ෂණය  කරන්න ආපු  බුලත්සිංහල මහතා, 







අපි ඊළඟට රැස්වුණු සමුපකාර පුරෝගාමීන්ගේ රැස්වීමේදී අපේ වසවිස නැති සුවදැල් වගාවේ ප්‍රගතිය ගැනත් කතා කළා . මෙ තියෙන්නේ ඒ රැස්වීමේ සේයා රුප.




















දැන් වගාවට මාසයක් ගත වෙලා. ගොයම් පැල නිරෝගිව හොඳින් වැඩෙනවා .






























































































ඈතින් පෙනෙන වානන්තරයට පසුබිම් කර ගෙන තියෙන සම්පුර්ණ වෙල් යාය.































සතුටු සාමිචියේ යෙදෙන ගොවියෝ 




















දැනට විස්තර මෙපමණයි.

සමරසේකර