සමුපකාර ජන සමාජයක් ගොඩ නැංවීමට උර දෙමු.

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Monday, August 1, 2016

මහනුවර දිස්ත්‍රික් සමුප සංසදය ඇරඹුන වගයි.


මහනුවර දිස්ත්‍රික් සමුප සංසදය ඇරඹුන වගයි. 







ජාතික සමුප සංසදය  ආරම්භ කිරීමෙන් පසු අපගේ දෙවන පියවර උනේ සංවිධානය දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමේ  කටයතු ආරම්භ කිරීමයි. ජාතික සංසදයේ විධායක සභිකයන්ට තමන් පදිංචි හා කැමති දිස්ත්‍රික්ක  මුල් කරගෙන දිස්ත්‍රික් සමුප සංසද ඇරඹීමට උපදෙස් ලැබුණි. එහි  මුල් පියවර ලෙසින් කෑගල්ල දිස්ත්‍රික් සමුප සංසදය කෑගල්ලේදී  ඇරඹුන  අතර මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සමුප සංසදය ඇරඹීමට මුලික කටයුතු ඇරඹුණි. පහතින් තිබෙන්නේ එම සංසදය පිහිටුවීම වෙනුවෙන් සමුපකාරිකයන්ට හා සමුපකාරයට  හිතැතියන්ට කෙරුණු  ආරාධනයයි.   


රැස්වීම   ජාතික සමුප සංසදයේ විධායක  සභික රාජා උස්වැටකෙයියාව මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.  පහත චයාරුපයේ  ඉන්නේ රැස්වීමට සහභාගිවූ එක්සත් සමුපකාර වෙළඳ සේවා සංගමයේ ලේකම් රංජිත් විජේසිංහ මහහා සහ  එම සංගමයේ සභාපති රාජා  උස්වැටකෙයියාව මහතාය.  









මේ  චයාරෑපයේ   ඉන්නේ දිස්ත්‍රික් සංසදය සැදීමේ පුරෝගාමී මෙහෙවර කල සමරසේකර  මහතා සහ රාජා උස්වැටකෙයියාව මහතාය .







ගංගා නන්දරාජා මිල්ලව මහතා රැස්වීම  අමතමින් 






රැස්වීමට සහභාගිවූ උදාර හේමන්ත ලියනාරච්චි මහතා සහ ගාමිණි දවුලගල මහතා. සම්පත්  දායකයන් ලෙසින් මෙී මහතුන් දෙපළගෙන් අනාගතයේදී සුවිසල් කාර්‍ය භාරයක් අප සංසදයට කර ගැනීමට පුළුවන් බව වැටහුනේ එම දෙපල තමන් ගැන කල හැඳින්වීම අනුවය. 
ගාමිණි දවුලගල මහතා සීමාසහිත උඩුනුවර සමුපකාර සමිතියේ ගරු සභාපති වරයා ලෙස වාර තුනක් අඛණ්ඩව සේවය කර තිබෙනවා. කෘෂිකර්මය ගැන මන දැනුමක් ඇති  ගාමිණි මහතා දියර කොම්පෝස් පොහොර සැදීම ගැන විශේෂඥයෙක්. උදාර හේමන්ත ලියනාරච්චි මහතා ඉහල කළමනාකරණ මට්ටමේ තනතුරක් දරු බැංකු නිලධාරියෙක්. සිය      සේවයෙන් විශ්‍රාම ගත්තාට පසු කළමනාකරණය සහ යහපැවැත්ම ගැන උපදේශන ව්‍යාපෘතියක් සපයන විද්ධ්යාර්තියෙක්. පහල චායාරුපයෙන් උදාර හේමන්ත ලියනාරච්චි මහතා සහ ගාමිණි දවුලගල මහතා දැක ගන්න පුළුවන්.    











අපේ ආරම්භක රැස්වීමට කාන්තා සහභාගිත්වයද තිබුනා. මේ  ඉන්නේ උඩිස්පත්තුව විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීණි  පද්මිණි විජේවර්ධන මහත්මියයි.  පද්මිණි විජේවර්ධන මහත්මියගෙන්  සංසදයේ ඉදිරි කටයුතු  සැලසුම්  කිරීමේදී හා  සංවිධානය කිරිමේදී මහත් කාර්‍යභාරයක් අප බලාපොරොත්තු  වෙනවා.    





මේ තෙල්දෙණිය විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීණි දීපිකා කුමාරි ඒකනායක මෙනවියයි . සංසදයේ කාන්තා කටයුතු සංවිධානය කිරීමේදී ඇයගෙන් සුවිසල් මෙහෙවරක් සංසදය බලාපොරොත්තු වෙනවා.








ගාමිණි දවුලගල මහතා සාකච්චාවට ඇහුම්කන් දෙමින් ඉන්නා අතර ඒ දෙස බලමින් ඉන්නේ ප්‍රවීන සමුපකාර සාමාජිකයෙකු වන එම් .ඒ. පිරිස් මහතාය.  







ලියනාරච්චි මහතා සංසදයේ ඉදිරි කටයුතු කිරීමේදී අවධානය යොමු කල යුතු කරුණු විස්තර කරමින්,












ගාමිණි දවුලගල මහතා සමග සාකච්චාවට මැදිහත් වෙමින් සිටින හසන් මහතා. සීමාසහිත  හාරිස්පත්තුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යාපන නිලධාරි ලෙස සේවය කල හසන් මහතා දැන් විශ්‍රාමිකයෙක් .




සංසදයේ සභාපති හැටියට  රාජා උස්වැටකෙයියාව මහතාද, ලේකම් හැටියට ඩබ්ලිව්.ඇම්.කේ.සමරසේකර මහතාද එකච්චන්දයෙන් පත්වූ අතර, අද දින රැස්වීමට සහභාගිවූ එකොලොස් දෙනාම සංසදයේ විධායක සභාවට පත්වූ අතර, මීළඟ රැස්වීම අගෝස්තු මහ 26  සිකුරාදා දින පස්වරු 2.00 ට  මහනුවර විවිධ සේවා සමුපකාර සමිතියේ  rochdel  ශාලාවේදී පැවැත්වීමටත් තිරනය  විය.

Sunday, June 26, 2016

අපේ සුවදැල් වී ගොවි තැන





වැඩි අස්වැන්නක් ලැබීමේ ආශාව නිසා  අපි අපේ කැමැත්තෙන්ම   සල්ලි ගෙවල, රසායනික  පොහොර සහ කෘමි නාශක මිලදී අරගෙන, ඒවා වී වගාවට යොදා අවසානයේදී ලබාගන්නා වී අස්වැන්නෙන් බත  සරි කරගත්තත් වී වගාවට යෙදු   රසායනික  පොහොර සහ කෘමි නාශක තුලින්    ඇඟට ඇතුල්වී ඇති   විශ නිසා පෙලෙන  විවිධාකාර රෝග ගැන දැනටමත් අපි දනිමු. සබරගමුව පළාතේ තවමත් වකුගඩු රෝගය පැතිරී ඇති බවක් දක්නට නැති උනත්,ගොවින් අතර පිළිකා වැළඳුනු  රෝගීන් බහුල ලෙස සිටිති.
මෙයට උත්තරයක් විධියට රසායනික පොහොර නොයොදා  පාරම්පරික වී වගාවට මුල පිරීමක් විධියට සුවදැල් වැපිරීමට අපි කටයුතු කළෙමු. පහත තිබෙන්නේ එසේ සුවදැල් වැපිරීමට සකස්  කල කුඹුරයි. කුඹුර පුරා කොල රොඩු දමා තිබෙනවා.       









වැපිරීමෙන්  දින 10 කට පසු  කුඹුරේ පෙනුමයි මේ .













ඉස්සර  නම් මේ  කාලයේදී වල් පැල  මර්දනය කියල රසායනික බෙහෙත් ඉස්සත් මෙවර එසේ කලේ නැහැ.  







කුඹුර අස්වද්දන  ගොවියා වන සිරිසේන මහතා අතින් වල්පැල ගැලවීමට තීරණය කළා.




































































මේ  කුඹුර නිරීක්ෂණය  කරන්න ආපු  බුලත්සිංහල මහතා, 







අපි ඊළඟට රැස්වුණු සමුපකාර පුරෝගාමීන්ගේ රැස්වීමේදී අපේ වසවිස නැති සුවදැල් වගාවේ ප්‍රගතිය ගැනත් කතා කළා . මෙ තියෙන්නේ ඒ රැස්වීමේ සේයා රුප.




















දැන් වගාවට මාසයක් ගත වෙලා. ගොයම් පැල නිරෝගිව හොඳින් වැඩෙනවා .






























































































ඈතින් පෙනෙන වානන්තරයට පසුබිම් කර ගෙන තියෙන සම්පුර්ණ වෙල් යාය.































සතුටු සාමිචියේ යෙදෙන ගොවියෝ 




















දැනට විස්තර මෙපමණයි.

සමරසේකර