වැඩි අස්වැන්නක් ලැබීමේ ආශාව නිසා අපි අපේ කැමැත්තෙන්ම සල්ලි ගෙවල, රසායනික පොහොර සහ කෘමි නාශක මිලදී අරගෙන, ඒවා වී වගාවට යොදා අවසානයේදී ලබාගන්නා වී අස්වැන්නෙන් බත සරි කරගත්තත් වී වගාවට යෙදු රසායනික පොහොර සහ කෘමි නාශක තුලින් ඇඟට ඇතුල්වී ඇති විශ නිසා පෙලෙන විවිධාකාර රෝග ගැන දැනටමත් අපි දනිමු. සබරගමුව පළාතේ තවමත් වකුගඩු රෝගය පැතිරී ඇති බවක් දක්නට නැති උනත්,ගොවින් අතර පිළිකා වැළඳුනු රෝගීන් බහුල ලෙස සිටිති.
මෙයට උත්තරයක් විධියට රසායනික පොහොර නොයොදා පාරම්පරික වී වගාවට මුල පිරීමක් විධියට සුවදැල් වැපිරීමට අපි කටයුතු කළෙමු. පහත තිබෙන්නේ එසේ සුවදැල් වැපිරීමට සකස් කල කුඹුරයි. කුඹුර පුරා කොල රොඩු දමා තිබෙනවා.
මෙයට උත්තරයක් විධියට රසායනික පොහොර නොයොදා පාරම්පරික වී වගාවට මුල පිරීමක් විධියට සුවදැල් වැපිරීමට අපි කටයුතු කළෙමු. පහත තිබෙන්නේ එසේ සුවදැල් වැපිරීමට සකස් කල කුඹුරයි. කුඹුර පුරා කොල රොඩු දමා තිබෙනවා.
වැපිරීමෙන් දින 10 කට පසු කුඹුරේ පෙනුමයි මේ .
ඉස්සර නම් මේ කාලයේදී වල් පැල මර්දනය කියල රසායනික බෙහෙත් ඉස්සත් මෙවර එසේ කලේ නැහැ.
කුඹුර අස්වද්දන ගොවියා වන සිරිසේන මහතා අතින් වල්පැල ගැලවීමට තීරණය කළා.
මේ කුඹුර නිරීක්ෂණය කරන්න ආපු බුලත්සිංහල මහතා,
අපි ඊළඟට රැස්වුණු සමුපකාර පුරෝගාමීන්ගේ රැස්වීමේදී අපේ වසවිස නැති සුවදැල් වගාවේ ප්‍රගතිය ගැනත් කතා කළා . මෙ තියෙන්නේ ඒ රැස්වීමේ සේයා රුප.
දැන් වගාවට මාසයක් ගත වෙලා. ගොයම් පැල නිරෝගිව හොඳින් වැඩෙනවා .
ඈතින් පෙනෙන වානන්තරයට පසුබිම් කර ගෙන තියෙන සම්පුර්ණ වෙල් යාය.
සතුටු සාමිචියේ යෙදෙන ගොවියෝ
දැනට විස්තර මෙපමණයි.
සමරසේකර
ජයවේවා සියලුම ගොවිමහත්වරුන්ටත් සමරෙටත් ජයවේවා
ReplyDeleteස්තුතියි, ගුණසිංහ මහතා. ඔබ සෑමවිටකදිම මා දිරිමත් කරනවා.
Deleteසමරසේකර
සමරෙ මහත්මයා.. බ්ලොග් එකක් ලියනවා කියල දැනගත්තෙ අටමගෙන්.. වටිනාකියන වැඩක්... අපේ පැත්තෙ මාමා කෙනෙක් ඔය පලිබෝධනාශක නැති වගාවල් සම්බන්ධව උගත් දැනුවත් කට්ටියකගේ උපදෙස් එක්ක ඔය වැඩේ ප්‍රයෝගිකව කරනව. එහෙම කරන සංගමයකුත් තියනවා මම දන්නා විදියට. හඳ එක්ක ගිවිතන කරන විදි, කෙම් ක්‍රම වගේ දේවල් ගැන ඒ අය ලොකු දැනුවත් වීමක් එක්ක ඒ වැඩේ කරන්නෙ. අවශ්‍ය නම් ඒ සම්බන්ධ විස්තර හොයල දෙන්න පුළුවන්...
ReplyDeleteසජ්ජෝ,
Deleteඔබේ දිරිගැන්වීම ගැන ස්තුතියි. ඔබ කියලා තියෙන විස්තර අපිට එවන්න.ඒක ප්ර්යෝජනව්ත්වේවි.
සමරසේකර
අද හවසට විස්තරත් එක්ක ටෙලිපෝන් නොම්මරයක් එවන්නම්..
Deleteවටිනා වැඩක්...ජය පතනවා...
ReplyDeleteඔබේ සුභ පැතීමට ස්තුතියි. දනුවත් කිරීම ගැන අටමාටත් ස්තුති කරන්නම ඕනෑ.
Deleteසමරසේකර
මේ වගේ වැඩක් ගොවියො හැමෝම එකතුවෙලා කරන්න පටන් ගත්තොත් රසායනික සමාගම් වලට ලොකු බලපෑමක් කරන්න පුලුවන්.
ReplyDeleteඅටමගෙන් තමයි පාර දැනගත්තෙ.
බහු ජාතික සමාගම් අපට වඩා ඉස්සර් වෙලා. cic සමාගම ගොවීන්ගෙන් වසවිසනති වී කිලෝව රුපියල් 72 ගන්නේ ගන්නවා. කිලෝ 100ක් වියදම රුපියල් 7200යි. සහල් ප්‍රතිශතය 68% ගානේ බැලුවොත් හාල් කිලෝ 68 වියදම රුපියල් 105.88යි.කෙටුම් කුලිය සහ ඇසුරුම් කුලිය එකතු කලාම හාල් කිලෝව රුපියල් 125යි . ඒත් සුපිරි හලේ විකිණෙන්නෙ කිලෝව රුපියල් 285 ගනනේ. බෙදා හැරීමේ වියදමට රුපියල් 25ක් දැම්මාම හාල් කිලෝව රුපියල් 150යි. එක කිලෝවකින් ලාභය රුපියල් 135යි. cic හාල් වෙළඳාම නරක නැහැ නේද?
Deleteවාසනාවන්.. සතුටේ බෑ. ජයෙන් ජයම වේවා!
ReplyDeleteඔබේ දිරිගැන්වීමට ස්තුතියි .
Deleteවටිනා ක්‍රියාවක්. රසායණික පොහොර බහෙත් නැතුව ගොවිතනක් කරන්න බැහැ කියන එක බොරුවක්. කාබනික් දේ සමග කරන්න පුලුවන්. ටිකක් අමාරු වැඩක් වුණත් ලැබෙන වාසි බොහෝ ඇත.
ReplyDeleteජයවේවා!!!
ඔබේ දිරිගැන්වීමට ස්තුතියි .මුලික ගැටලුව තමා ගොවියෝ මේ ක්‍රමයට කැමති කර ගන්න එක. ගොවීන්ට ගොඩක් ගැටළු තියෙනවා. අස්වැන්නෙන් ලැබෙන ආදායම වියදමට අනුව අඩුයි. තරුණ පරපුර ගොවිතැනට කැමති නැහැ. ඒ නිසා ශ්‍රම හිගයක් තියෙනවා.
Deleteවටිනා වැඩක්, වගාව සාර්ථක වේවා !!!!
ReplyDeleteඅපි දේශීය වී නැතත් ,තියන ඒව තෙල් පෝර නැතිව ගෙදර පාවිච්චියට පමනක් හදාගන්නව ( සහෝදර , සහෝදරියන්ගෙ ගෙවල් වලටත් ) මේ පාර දේශීය වී වගාකරන්න තමයි බලාපොරොත්තුව.
ඔබ තුමාලගෙ කුඹුරු යාය හරිම සුන්දරයි.
අපි එකතුවෙලා මෙ වැඩේ ඉදිරියටම කර ගෙන යමු.
Deleteඉතාම වටින ක්‍රියාවක්.ගොඩක් වී වපුරන මිනිස්සුන් ගේ ඔලුවට දාල තියෙනව අදහසක් මලාට තෙල්/පෝර ගැහුවේ නැත්නං ගොයම හරියන්නෙ නෑ කියල.
ReplyDeleteවියදම් කරන මුදලත් එක්ක මිනිස්සු හිතේ බයත් තියෙන හින්දම වෙනද ගහන තෙල්/පෝර ටිකම ගහන්න හිත හදා ගන්නව. ඒක නිසා මේ වගේ ආදර්ශ රටටම සෙතක්...
ඔබට ජයෙන් ජයම පතනව!!!!
රජයෙන් පොහොර නොදී මුදල් දෙන එකත් මේක දියුණු කරන්න උදව් උනා. ඒ මුදල්ගන්නා ගොවියා කොළ අතු පොහොර යොදා ගන්න අතර,මුදල් තමන්ගේ වෙනත් අවශ්‍යතා වලට පාවිච්චි කරනවා. ඒකෙන් වැඩ දෙකම කෙරෙනවා.වල් නාශක ගහන්නේ නැතිව අතින් වල් පැල නෙලනවා. ඒ එක්කම තමන්ටත් පොහොර හා ක්‍රිමි නාශක භාවිතය නිසා ලෙඩ හැදෙනවා කියලා දැන් ගොවියෝ දන්නවා. මේකත් වසවිස නැති වී වගාව කෙරෙහි ගොවින් කැමතිවිමට එක හේතුවක්. මේවා අලවියට පාරක් හදන්න ඕනෑ. ඉඩම් හිමියාත්,ගොවියාත්,පාරිභෝගිකයාත් යන තුන් ගොල්ලම සතුටු වෙන විධ්යට මේහාල් කිලෝවක් රුපියල් 150 ට දෙන්න යාන්ත්‍රණයක් හදන්න ඕනෑ. දැනට විවෘත වෙළඳ පලේ මේ හාල් කිලෝවක් විකුනන්නේ රුපියල් 285 කටයි. ගොවීන්ගෙන් මෙ ජාතියේ වී ගන්නේ කිලෝව රුපියල් 60ට. හාල් කිලෝවක වියදම රුපියල් 125 ට වැඩි නොවුනත් අතර මැදියා ලොකු ලාභයක් ගන්නවා. ඉන් ගොවියා මෙන්ම පාරිභෝගිකයාද තැලෙනවා.
Deletehela suwaye 150 ta denawa.
Deleteසමරසේකර මහත්තයෝ වගාවේ පෙනුම නම් හොඳ මඳි, සමහර වෙලාවට අව්ව අඩු නිසා වෙන්නත් පුළුවනි, මේවර වලාකුළු වැඩියි, කාලගුණ විපරියාස නිසා වෙන්නැති, ඒ නිසා හෙවන දෙන ගස්වල අතු පෑහුවොත් හොදයි. අටමගේ සයිට් එකේ ෆොටෝ එක මම දැක්කේ දුර්වල වගාවකට හදිසියේ යූරියා දාල වගෙයි, ඒක වැරදි වැටහීමන් වගේ. දැන් කාබනික වී වගාක්රම ඔබ අනුගමනය කර ඇති පිළිවෙලට වඩා බොහොම දියුනුයි.
ReplyDeleteඔබේ දිරිගැන්වීමට ස්තුතියි. මුල් ෆොටෝ වලින් පෙනෙන්නේ දින 10කත පසු වගාවේ හැටියි.යන්තන් පල නැගිටිමින් තියෙනවා.මෙ කාලය තමා වල් නාශක ගසන කාලය. ඒත් ඒ වෙනුවට ශ්‍රමය යොදා වල් ගැලෙව්වා. මැද පින්තුර වලින් පෙනෙන්නෙ මාසයක් ගතවුණු ගොයමයි. ඒක හොඳින් වැඩිලා තියෙනවා. උඩින් ලියද්දේ අද්දර තියෙන ගහ කුඹුරට අයිති නැති නිසා මෙ කන්නේදී ඒකෙ අතු පාහින්න ගියොත් වෙනින් ප්‍රශ්න මතුවෙනවා. ගොවි සංවිධානයක් හදා ගත්තාට පස්සේ ඊළඟ කන්නයේදී එකත් කරන්න හිතාගෙන ඉන්නවා. පිටින් කාබනික පොහොර මිලදී ගන්නවාට වඩා ගොවියන් කැමති තමන්ගේම පොහොර භාවිතයටයි.ඒ නිසා දැන්මම සකස් කරපු කාබනිකපොහොර දන්නා විධ්යක් නැහැ.
Deleteමේ බලන්ගොඩ පැත්තද සමරසේකර මහත්තයෝ? හරිම සුන්දර පරිසරයක්. වගාවේ පැල ගහනය ටිකක් මදිවගේ පෙනෙනවා. හොඳ ව්‍යාපෘතියක්. ජයවේවා!
ReplyDeleteවිචාරක තුමා, ඔබේ අනුමානය හරියටම හරි. මේ වෙල්යාය තියෙන්නෙ සබරගමුව විශ්ව විද්‍යාලය පහු කරලා පඹහින්න ගමෙන් වමට හැරිලා කන්ද බැහැල ගියාම හමුවෙන තැනිතලාවේ. ලස්සන පරිඅසරයක් තමටි මෙහෙ තියෙන්නෙ. මිනිස්සුත් තවම සරල ගති පැවතුම් තමයි පෙන්වන්නෙ. හැබැයි සම්ප්‍රදායික කපටිකම්ද නැත්තේ නොවේ.
Deleteඒ කියන්නේ මේ හුළං ඇල්ල පැත්තට යන පාර කිට්ටුව තියෙන සුන්දර වෙල් යායද...
Deleteමේක පඹහින්නෙන් වම් අතට හැරි කොස් ගමට යන පාරේ පහට බැස්සාම හමුවෙන කොස්ගම ගමේ තියෙන වෙල්එ යායන්ක් අතරින් එක් වෙල් යායක්.
Deleteහරිම සංතෝසයි මේක දැක්කම.....
ReplyDeleteදැං ලෝකෙ අලුත්ම රැල්ල තමා වස විස නැති වගාව .....
ලංකාවට එන්ඩ පරක්කු උනාට ...
ඔබේ දිරිගැන්වීමට ස්තුතියි.මේවා අලවියට පාරක් හදන්නත් ඕනෑ. ඉඩම් හිමියාත්,ගොවියාත්,පාරිභෝගිකයාත් යන තුන් ගොල්ලම සතුටු වෙන විධ්යට මේහාල් කිලෝවක් රුපියල් 150 ට දෙන්න යාන්ත්‍රණයක් හදන්න ඕනෑ. නැත්නම් වැඩේ ඉස්සරහට යන්න අමාරුයි.
Delete///ලංකාවට එන්ඩ පරක්කු උනාට ...///
Deleteඑන්න පරක්කු වීමට වඩා නැවත පිබිදෙන්න ප්‍රමාද වුනා කිව්වනම් නේද නිවැරදි...
මමත් මේ පාර අපේ කුඹුර මේ විදිහට තෙල් පෝර නැතුව කරන්න හිතාගෙන ඉන්නේ...
ReplyDeleteඅන්න හරි අපි එක් එක්කෙනා තනිවම පටන් ගත්තට අන්තිමේදී ඔක්කොම එකතු උනාම ලොකු ප්රයත්නයක් දරන්න පුලුවන්
Deleteඅපේ පැත්තේ කුඹුරක් මගේ සිහියට ආවා.. "සේයා රූ" ටික හරි ලස්සනයි.. ගොඩක් "චායාරුප " දැමීමෙන් පොස්ට් එකට ලොකු එළියක් ඇවිල්ලා...ජයවේවා !!!
ReplyDeleteසේයා රූ නිසා මම කියන්න හදන කතාවට උවමනා තහවුරුව ලැබෙනවා. සාමාන්‍යයෙන් ගොවින් දැනට තමන් කරන වගා රටාවෙන් ඉවත් වෙන්න කැමති නැහැ. ඒකට හේතුව මෙ අලුත් ක්‍රමයෙන් තමන්ට අවාසියක් වෙයි කියල ඔවුන්ට තියෙන බය. නමුත් හෙමින් හෙමින් ඔවුන් වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනෑ. කෘෂි රසානික නිසා තමන්ටම ලෙඩ හැදෙනවා. ඉන් බේරෙන්න ඕනෑ නම් වගා රටාව වෙනස් කරන්න ඕනෑ කියන මතය දැන් දැන් ඔවුන් පිළිගන්නා මට්ටමට ඇවිත්.
Deleteගොවිතැනට හිමි වටිනාකම නැවත ලබා දීමට වෙර දරන ඔබේ උත්සාහය ගොඩක් වටිනවා. ඔබේ සියලු කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඔබේ දිරිගැන්වීමට ස්තුතියි. උඩරට එළවලු වගාවටත් මේ ක්‍රමය දාන්න ඇත්නම් අගෙයි. අපි අර්තාපල් සහ ගෝවා වලට කෘමිනාශක ගහනවා නෙමෙයි ඒවා කෘමිනාශක වලින් නාවනවා.
Deleteඅවුරුදු ගානක් රසායනික ද්‍රව්‍ය දමපු කුඹුරක එකපාරටම කාබනික අස්වැන්නක් ගන්න බැහැ. එත් පටන්ගත්ත එක හොදා
ReplyDelete