සමුපකාර ජන සමාජයක් ගොඩ නැංවීමට උර දෙමු.

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Sunday, May 1, 2016

අරමුණ



ජාත්‍යන්තරව පිළිගත් සමුපකාර ධජය 




ජන සමාජයේ එදිනෙදා ජිවන අරගලය සහ එදිනෙදා ජිවන රටාව  හා බැඳී සමුපකාර දර්ශනය සහ ජිවන ක්‍රමය පුළුල් විශයයකි. එහෙත් අද අපේ රටේ භාවිතා වන සමුපකාර ව්‍යාපාරය ගැන සමුපකාරිකයන්ගේ, රටේ පොදු ජනතාවගේ, මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේද  තිබෙන්නේ නිරවුල් මතයක් නොවේ.  එබැවින් අද දවසේ ඒ ගැන විවෘත මනසකින් යුතුව  සහ නිරවුල්ව සාකච්චා කල යුතුව ඇත. සියලු සාකච්චාවල පරමාර්ථය විය යුත්තේ එය  අවසානයේදී ඍන ආකල්පයන් ඉවත් කර සාධනීය ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමය. එනම් හඬක් නැගීමට අසමත් සාමාන්‍ය ජනතාවගේ අභිවුර්ධිය  වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමටය.   මෙම  වෙබ් අඩවිය ඇරඹෙන්නේ එම  කටයුත්තටය.

එබැවින් ඔබගේ නිදහස් අදහස් අප වෙත එවන ලෙස ඉල්ලා සිටිමු. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබගේ ස්වාධීන අදහස් කිසිදු අයුරකින් වාරණය කිරීමට හෝ සංස්කරණය  කිරීමට අපගේ අදහසක් නැත.අපේ අරමුණ ඒවා විවුර්තව සාකච්චා කිරීමටය. එහෙත් අදහස්  පල කිරීමේදී පොදු  සමාජය අනුගමනය කරන වටිනාකම්  සහ ඇගයීම්   ඔබ විසින්ද ස්වේච්චාවෙන්ම අනුගමනය කරනු ඇතැයි  බලාපොරොත්තු  වෙමු.  

අටම්පහිය
සමරසේකර  

No comments:

Post a Comment